වීඩියෝ : සිරියානු රසායනික අවි වැනසීමේ සැලැස්ම ඒකමතිකව සම්මතයි.

Saturday, 28 September 2013 - 8:08

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

සිරියාවේ රසායනික අවි හරණය පිළිබද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඊයේ (27) ඒකමතිකව සම්මත කර ගනු ලැබුවා. රුසියාව සහ ඇමරිකාව අතර එකඟත්වයක් ඇති වූ මෙම යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනාම සහාය දැක්වීම විශේෂත්වයක්. ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදා සහ කැරළිකරුවන් අතර සිවිල් යුද්ධයක් හට ගැනීමෙන් පසු ජගත් ආරක්ෂක මණ්ඩලය සිරියාව සම්බන්ධයෙන් සම්මත කර ගත් පළමු යෝජනාව මෙයයි. පසුගිය වසර දෙක හමාරක කාලසීමාව තුළ රුසියාව සහ චීනය සිරියාවට එරෙහි එවැනි යෝජනා නිශේධ බලය යොදා පරාජය කළා. ජගත් ආරක්ෂක මණ්ඩලය සිරියානු රසායනික අවිහරණ යෝජනාව සම්මත කළේ එම අවි වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සංවිධානයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි. මෙය ඓතිහාසික තීරණයක් වන අතර යෝජනාව අවංකව සහ ප්‍රමාදයකින් තොරව ක්‍රියාවට නැංවිය යුතු බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් ප්‍රකාශ කළා.