පැරැද්දුවේ අයියා. - සාලියගෙන් එස්.බී.ට චෝදනා.

Saturday, 28 September 2013 - 13:00

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F.+-+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමන් ලද පරාජයට හේතුව තම සොහොයුරු අමාත්‍ය එස්.බී. දිසානායක බව මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති සාලිය දිසානායක පවසනවා. ඔහු මෙවර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ වැදුණා. කෙසේ වුවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සන්ධාන ලැයිස්තුවට අපේක්ෂකයින් 20 දෙනෙකු තරඟ වැදුනත් සාලිය දිසානායකට හිමිවූයේ 13 වන ස්ථානයයි. එහිදී සාලිය දිසානායක කියා සිටියේ තම සොහොයුරු එස්.බී. දිසානායක තමන් මාස 3 කින් ජීවිතක්ෂයට පත්වන බවට ප්‍රකාශ කරමින් සිය ඡන්දදායකයින් නොමඟ යැවූ බවයි. ඊට අමතරව එස්.බී.දිසානායක අමාත්‍යවරයාගේ පුත්‍රයා දේශපාලනයට ගෙන ඒමේ අරමුණින් මෙම කුමන්ත්‍රණය දියත් කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායකගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා කියා සිටියේ සිය සොහොයුරු සාලිය දිසානායකගේ චර්යාව හේතුවෙන් ඔහුට එම පරාජය හිමිවී ඇති බවයි. අධික බීමත්කම හේතුවෙන් සාලිය දැඩි ලෙස රෝගාතුරවී සිටි බවත් ඔහුට මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙස තම පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටි බවත් එස්.බී. දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වුවත් හඟුරන්කෙත ජනතාවට කිසිදු සේවයක් නොකළ සාලිය බීමත්කමින් ජීවත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

 

 
කෙසේ වෙතත් මෙවර පළාත් සභා මැතිවරණයේදී එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ තවත් සොහොයුරෙකු වන ජයලත් බණ්ඩාර දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී මධ්‍යම පළාත් සභාවට තේරී පත්වුණා.