නිකවැරටියේ තවම ගැටුම්.

Saturday, 28 September 2013 - 13:02

%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

පශ්චාත් මැතිවරණ සමයේදී මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය මැතිවරණ කොට්ඨාශයෙන් බව කැෆේ සංවිධානය පවසනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්  කියා සිටියේ පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සලකා බැලීමේදී දයාසිරි පාර්ශවය සහ ජොහාන් පාර්ශවය අතර පැවති මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා තත්ත්වය තවදුරටත් පවතින බවයි.

 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පැෆරල් සංවිධානයෙන් ද විමසීමක් කළා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ වව්නියාව, මන්නාරම, නුවරඑළිය, මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් සිද්ධීන් 15 ක් පමණ වාර්තා වී ඇති බවයි.

 

 
කෙසේ වෙතත් පශ්චාත් මැතිවරණ සමයේ සුළු සිද්ධීන් කිහිපයක් හැර බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර සාමකාමී පශ්චාත් මැතිවරණ සමයක් බවයි පොලිස් මැතිවරණ කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න සදහන් කළේ.