මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රසාදය.

Saturday, 28 September 2013 - 13:04

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.

ජිනිවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවලින් ප්‍රබල සහයක් හිමි වූ බව ජිනිවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළා. සංහිඳියා ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඔවුන්ගේ ප්‍රසාදයට ලක්වූ බවයි එමගින් සඳහන් කළේ.

 

ශ්‍රී ලංකාවේ සංහිදියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම යන මැයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සිදුකළ වාචික ප්‍රකාශයට පිළිතුරු ලබා දුන්නේ ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහයි. ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් රැසක් ශ්‍රී ලංකාව පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, ඉඩම් ගැටළු විසදීම, බිම් බෝම්බ ඉවත් කිරීම, ජීවිකා වෘත්තීන් සවිමත් කිරීම මෙන්ම වගවීම සම්බන්ධ කරුණුවලට දැක්වූ ප්‍රතිචාරය ප්‍රසාදයට ලක් කළා. මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ බාධා කිරීම් නොව දිරි ගැන්වීමක් බවයි ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ ශ්‍රී ලංකාව විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ 53ක් ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීම ද ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රසාදයට ලක්වී තිබෙනවා.



 

ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේට ශ්‍රී ලංකාව උතුරුකරයේ සංචාරයක් සඳහා සැලසීම බටහිර රටවල ද ප්‍රසාදයට ලක්වූ බවයි ජිනිවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේ. මෙහිදී මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ සංහිදියාව සහ වගවීම ප්‍රවර්ධනය කරලීම යන මැයෙන් සිදුකළ වාචික ප්‍රකාශය ලක් රජය විසින් ප්‍රතික්ෂේප කිරීමට හේතු පාකිස්තානය, රුසියාව, කියුබාව, බොලිවියාව සහ බෙලරූස් යන රාජ්‍යයන් ඉදිරිපත් කර තිබෙනවා.

 

මේ අතර මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දියාව මෙහිදී යහපත් ප්‍රතිචාර දැක්වීමද සිදුවුණා. කෙසේ වුවත් මෙරට මානව හිමිකම් තත්ත්වය ප්‍රවර්ධනය කිරීමේ වඩාත් සුදුසු මාර්ගය වන්නේ ශ්‍රී ලංකාව හුදෙකලා කිරීම නොව, එක්ව කටයුතු කිරීම බව  ඕස්ට්‍රේලියාව මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.