සුනඛයින් දිනකට 2,000 ක් සපා කයි.

Saturday, 28 September 2013 - 18:57

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+2%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.



දිනකට මෙරට සුනඛ සපාකෑම් 2000 ක් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා රෝග අධ්‍යයන අංශය පවසනවා. වසරකට ජලභීතිකාව හේතුවෙන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ. පසුගිය වසර කිහිපය සසඳා බැලීමේදී මෙහි ක්‍රමානුකූල වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා. මෙරට අයාලේ යන සුනඛයන් ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයක් සිටින බවට ජලභීතිකා රෝග අධ්‍යයන අංශය විසින් ගණන් බලා තිබෙනවා. සුනඛ සපාකෑම් හේතුවෙන් ජලභීතිකා වැළඳෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එක් වර්ෂයකට රජය රුපියල් කෝටි 5 අධික මුදලක් වාර්ෂිකව වැය කෙරෙනවා. ඉදිරියේදී ජලභීතිකා රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සුනඛ වන්ද්‍යාකරණ කටයුතු වඩාත් පුළුල් ලෙස සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා රෝග අධ්‍යයන අංශය තවදුරටත් සඳහන් කළේ.