වීඩියෝ: සාදයකට ප්‍රහාරයක් - පරීක්ෂණ ඇරඹේ.

Saturday, 28 September 2013 - 19:03

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

මීගොඩ - දාම්පේ ප්‍රදේශයේ පන්සල පාරෙහි පෙරේදා (26) රාත්‍රියේ උපන්දින සාදයකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යැයි කියාගත් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් බස්නාහිර දකුණු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වෙත මීගොඩ - දාම්පේ ප්‍රදේශයේ පදිංචි තරුණයන් සිව් දෙනෙකු විසින් පැමිණිලි කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී බස්නාහිර දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ ප්‍රකාශ කළේ.

පසුගිය 26 වැනි දින රාත්‍රි 11.30 ට පමණ මීගොඩ - දාම්පේ ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙන අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. එම නිවසේ කාන්තාවන් ප්‍රකාශ කළේ සාදය අතරතුර නිවසට පැමිණි පොලිසියේ කියාගත් පිරිසක් එහි සිටි තරුණයින්ට සහ තමන්ට පහරදුන් බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධනගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ගංජා ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 06 දෙනෙකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බවයි. බීමත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පහරදීමක් සිදුකර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඒ පිළිබඳව දැනට යමක් කිව නොහැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.