දකුණේ එජාපයේ මහ ඇමති අපේක්ෂකයා සජිත් ?

Saturday, 28 September 2013 - 19:04

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%3F

දකුණු පළාත් සභා මැතිවරණය සඳහා සිය පක්ෂයේ මහඇමති අපේක්ෂකයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන ලෙසට මාතර එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය අද (28) යෝජනාවක් සම්මත කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවති මාතර දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දෙවිනුවර ආසන සංවිධායක එච්.ආර්.පියසිරි විසින්. එහිදී එම යෝජනාවට සභාවේ ඒකමතික අනුමැතිය හිමිවූ බවයි දකුණු පළාත් සභා විපක්ෂ නායක සිරි විජේවික්‍රම සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ තමන් මේ පිළිබඳව හෙට දිනයේ ප්‍රකාශයක් සිදුකරන බවයි.