වීඩියෝ: පුත්තලමේ ඡන්ද සිද්ධිය සොයන කමිටුව පත් කෙරේ.

Saturday, 28 September 2013 - 19:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ පිහිටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ තිබී ඡන්ද පත්‍රිකා තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිලධාරින් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඊයේ (27) මෙම පත් කිරීම සිදුකර ඇති බවයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඞ් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ. මෙම විමර්ශනයේදී ඊට අදාළ සාක්ෂි පිළිබඳ මූලික තොරතුරු අධ්‍යයනය කිරීමක් සිදුකෙරෙනු ඇති. එම මූලික විමර්ෂණ වාර්තාවෙන් යම් කිසි නිලධාරියෙකු විෂමාචාරයක් සිදුකර ඇති බව පෙනී ගියහොත් අදාළ පුද්ගලයන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමක් ද සිදුවනවා. ඉන් අනතුරුවයි එම පුද්ගලයින්ට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් සිදුකිරීමට හැකියාව ලැබෙන්නේ. එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට නිලධාරීන් 03 දෙනෙකුගෙන් සමන්විතව පත්කළ කණ්ඩායමේ වාර්තාවද මේ මස 30 වැනිදා ලබාදීමට නියමිත බවයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඞ් කියා සිටියේ.

මේ අතර, පුත්තලමේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතරින් අන්තිමයා වූ හිටපු පළාත් අමාත්‍ය අශෝක වඩිගමන්ගාව කියා සිටියේ අදාළ සිද්ධියේ වගකීම පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා භාරගත යුතු බවයි. එමෙන්ම, තමන් අතින් එදින අතපසුවීමක් සිදුවූ බවත්, ඊට ඔහුගෙන් වැඳ සමාව ඉල්ලා සිටි බවද එහිදී ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ඊයේ (27) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පුත්තලම දිස්ත්‍රික් ලේකම් කිංස්ලි ප්‍රනාන්දු කියා සිටියේ එම අපේක්ෂකයාට එරෙහිව රුපියල් මිලියන 25ක වන්දියක් ඉල්ලා තමන් අධිකරණයේ නඩු පවරන බවයි.

මේ අතර, අධිකරණ ක්‍රියාමාර්ගයක් ගතහොත් වන්දි ගෙවීමට තමන්ට හැකියාවක් නොමැති බවද අද (28) පැවති මාධ්‍ය හමුවේදී හිටපු පළාත් අමාත්‍ය අශෝක වඩිගමන්ගාව කියා සිටියා.