අධිකරණ තීන්දුව අධ්‍යයනය කරනවා. ටී.එන්.ඒ.

Sunday, 29 September 2013 - 7:36

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.


පළාත් සභා සතු ඉඩම් බලතල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අධ්‍යයනය කර ඉදිරි පියවරකට යොමුවන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. එහි නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ ඒ පිළිබඳව තම සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බවයි. ජාතික ප්‍රශ්නයට නිසි විසදුමක් ලබාගැනීම සඳහා ඉඩම් සහ පොලිස් බලතල ලබාගැනීමේ අවශ්‍යතාවය දැඩිව පවතින බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
 
13 වන සංශෝධනයට අනුව රජයේ ඉඩම් බලතල පළාත් සභාවට නොව මධ්‍යම ආණ්ඩුවට අයත් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය බ්‍රහස්පතින්දා තීන්දුවක් ලබාදුන්නා.  ඒ මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු ගොනුකළ නඩුවක තීන්දුව ලබාදෙමින්.