නවිපිල්ලේ ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයක. ජනපති

Sunday, 29 September 2013 - 7:40

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92

ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සිය ශ්‍රී ලංකා චාරිකාවේදී තමා මුණ ගැසුනු විට දැන් ඇය ඉදිරිපත් කරන චෝදනා පිළිබඳ සඳහනක්වත්  නොකළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරම සිය වාර්තාව සකස් කර ඇති බව මෙරට ජනතාවගේ අදහස යැයි අල්ජසීරා රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඇගේ චාරිකාව වැළැක්වීමකින් තොරව නිදහසේ තොරතුරු ලබාගැනීමට ඉඩ ලබාදුන් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය සන්සන්දනය කළ යුත්තේ අනෙකුත් රටවල් සමගයි. දැන් මෙරටට එල්ලවන චෝදනා ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයක් පමණක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

උතුරේ නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීමට රජය කටයුතු කළා. එහිදී ආණ්ඩුවට පරාජයක් අත්වන බව තමන් දැන සිටි බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ. පසුගිය සිව්වසර තුළ පාර්ලිමේන්තු මැතිවරණ ඇතුලූ මැතිවරණ 19 ක් පවත්වා තිබෙනවා. මේ නිසා නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාව ඒකාධිපතිවාදයක් කරා ගමන් කරන බවට සිදුකළ ප්‍රකාශය හුදු ප්‍රලාපයක් පමණක් බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

බටහිර රටවල් පමණක් නොව අසල්වැසි ඉන්දියාවද මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට එරෙහි වූවා නේදැයි මෙහිදී අල්ජසීරා මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට පිලිතුරු වශයෙන් කියා සිටියේ ඉන්දියාව තුළ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව ශ්‍රී ලංකාවට පුලූල් අවබෝධයක් පවතින බවයි. ඉන්දු ලංකා සබඳතා ඉතා ශක්තිමත් බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.