වීඩියෝ: ලෝක රූ රැජින පිලිපීනයෙන්.

Sunday, 29 September 2013 - 8:17

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

ඉන්දුනීසියාවේ බාලි දිවයිනේ ඊයේ පැවති ලෝක රූ රැජින තරඟයෙන් පිලිපීන රූ රැජින කිරුළු පැළඳුවා. 23 හැවිරිදි මෙගාන් යංග් ලෝක රූ රැජින ලෙස කිරුළ පැළඳි අතර ප්‍රංශ රූ රැජිනට දෙවැනි ස්ථානයත් ඝානාවේ රූ රැජිනට තුන්වැනි ස්ථානයත් හිමිවුණා. මෙගාන් යංග් ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලබා ඇති අතර වයස අවුරුදු 10 දී පිලිපීනයට සංක්‍රමණය වී තිබෙනවා. ඇය වයස අවුරුදු 15 සිටම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන අතර රඟපෑම්ද ඉදිරිපත් කර තිබෙනවා. ඇය දැන් සිනමා අධ්‍යක්‍ෂිකාවක් ලෙසද කටයුතු කරන බවයි වාර්තාවන්නේ. මෙවර ලෝක රූ රැජින තරඟයේ අවසන් වටයට තරඟකාරියන් 127 දෙනෙකු සහභාගි වුණා. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාවේ අන්තවාදී කොටස්වලින් එල්ලවූ බලපෑම් හේතුවෙන් මෙවර ලෝක රූ රැජින තරඟයට නාන ඇඳුමෙන් සැරසුණු ඉරියව්ව ඇතුළත් වුණේ නැහැ.

 

[JPG]s68219_1[/JPG]

[JPG]s68219_2[/JPG]

[JPG]s68219_3[/JPG]

[JPG]s68219_4[/JPG]

[JPG]s68219_5[/JPG]

[JPG]s68219_6[/JPG]

[JPG]s68219_7[/JPG]

[JPG]s68219_8[/JPG]

[JPG]s68219_9[/JPG]