ඉතාලි ආණ්ඩුව අර්බුදයක.

Sunday, 29 September 2013 - 8:21

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A.


හිටපු අගමැති සිල්වියෝ බර්ලස්කෝනිගේ පක්ෂය පාලක සන්ධානයෙන් ඉවත්වීමත් සමග ඉතාලි ආණ්ඩුව බිඳවැටීමේ අවදානමක් මතුවී තිබෙනවා. බර්ලස්කෝනිගේ මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයේ අමාත්‍යවරුන් පස්දෙනෙකු ඊයේ ඉතාලි සන්ධාන රජයෙන් ඉල්ලා අස්වුණා. අග්‍රාමාත්‍ය එන්රිකෝ ලෙට්ටා ගේ රජය සහ බර්ලස්කෝනිගේ පක්ෂය අතර සබඳතා පසුගිය කාලය තුළ බෙහෙවින් දුර්වල වී තිබුණා. බදු වංචා චෝදනා මත තමා සෙනෙට් මණ්ඩලයෙන් ඉවත් කළහොත් සිය පක්ෂයේ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් කරගන්නා බවට බර්ලස්කෝනි අනතුරු ඇඟවීමක්ද කළා. කෙසේ නමුත් ඉතාලි අග්‍රාමාත්‍ය එන්රිකෝ ලෙට්ටා කියා සිටියේ සිය පක්ෂයේ තීරණය සාධාරණීකරණය සඳහා හිටපු අගමැති බර්ලස්කෝනි බොරු චෝදනා ඉදිරිපත් කරන බවයි. ඉතාලියේ මෙලෙස ආණ්ඩු අර්බුදයක් පැන නැගී ඇත්තේ එරට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අවස්ථාවකයි.