රටගිය කාන්තාවන් රැසකට මානසික රෝග.

Sunday, 29 September 2013 - 13:07

%E0%B6%BB%E0%B6%A7%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C.

රැකියා සඳහා විදෙස් ගතව මානසික රෝග තත්වයන් හේතුවෙන් නැවත මෙරටට හරවා එවූ කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් විදේශ ගතවීමට පෙර සිටම එවැනි මානසික රෝගවලට ලක්ව සිටි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මෑතකදී සිදුකළ පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.  එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි මානසික රෝගවලට ලක්ව සිටින කාන්තාවන් විදේශ ගතකිරීමෙන් වළකින ලෙසයි.  විදේශගතවීමට පෙර පවතින විවිධ ආතතීන් මෙම තත්ත්වයට බලපාන බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ වුවත් මෙම තත්ත්වය මග හැරීමට පියවර ගතයුතු බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය වැඩිදුරටත් සඳහන් කළා.