අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවවාද.

Monday, 30 September 2013 - 8:00

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අවවාදයක් ලබාදී තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අල්ලස් නඩුවක් කැඳවූ අවස්ථාවේදී සදහන් කර ඇත්තේ අල්ලස් නඩුවල පැමිණිලිකරුවන් මිය යාමට පෙර එහි සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගත යුතු බවයි. ඒ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කඩිනමින් ක්‍රියාකාරීව නඩු විභාගයට ගත යුතු බවයි මහේස්ත්‍රාත්වරයා සදහන් කර ඇත්තේ.

 
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එරෙහිව පවරා තිබූ අල්ලස් නඩුවක පැමිණිලිකාර හෝටල් හිමියා මිය ගොස් ඇති හෙයින් නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බවට කරුණු ඉදිරිපත් වී තිබෙනවා. එම කරුණු සැලකිල්ලට ගනිමිනුයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මේ බව සදහන් කර ඇත්තේ.