කුර්ෂිඞ්ගේ ශ්‍රී ලංකා ගමනේදී ඉන්දීය ධීවරයන් ගැන සාකච්ඡා.

Monday, 30 September 2013 - 12:54

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9E%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F.

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරිම නිසා අත්අඩංගුවට පත් ධීවරයන් සහ බෝට්ටු මුදාගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමිල්නාඩු ධීවර නියෝජිතයන් පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයට ඊයේ (29) පැමිණ තිබෙනවා. ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය වී. නාරායන්ස්වාමි මුණගැසී ඒ පිළිබඳ සාකච්ඡා කළ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගැනුනු ධීවරයන් අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසු නිදහස් කළද ඔවුන්ගේ බෝට්ටු මුදා නොහැරීමට ලක් රජය තීරණය කර තිබෙනවා. එම බෝට්ටුවක් ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට වැඩි වටිනාකමකින් යුක්ත බවත් ඒවා අහිමිවීමෙන් සිය ජීවිකා වෘත්තිය අඩාල වී ඇති බවත් තමිල්නාඩු ධීවරයන් රාජ්‍ය අමාත්‍ය නාරායන්ස්වාමි වෙත පවසා ඇති බව සඳහන්.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අමාත්‍ය නාරායන්ස්වාමී ධීවරයන්ට සහතික වී ඇත්තේ ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු මුදාගැනීම සඳහා අදාළ පියවර ගැනීමට මධ්‍යම රජය සූදානම් බවයි. ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡාව සඳහා නවදිල්ලියට පැමිණෙන ලෙසද ඔහු ධීවරයන්ට ආරාධනා කර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර එහිදී අදාළ ගැටළුව පිළිබඳව ලක් රජයට කරුණු පැහැදිළි කිරීමට නියමිත බව ඔහු සඳහන් කළා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන සඳුදා දෙදින චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
 
තමිල්නාඩු ධීවරයන් ඉන්දීය නාවික අමාත්‍ය ජී.කේ. වාසන් මුණගැසී මේ පිළිබඳව මීට පෙර සාකච්ඡා කළ අතර තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සමගද සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා. තමිල්නාඩු මහ ඇමතිනිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත පසුගියදා ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන් මුදාගැනීම සඳහා මධ්‍යම රජය දැඩි පියවරක් ගතයුතු බවයි.