පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල හෙට.

Monday, 30 September 2013 - 12:56

%E0%B6%B4%E0%B7%84+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.



මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ගොඩගම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ  අද (30) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මින් ඉදිරියට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලෝක ළමා දිනය යෙදෙන ඔක්තෝම්බර් 1 වැනිදා නිකුත් කරන බවයි. වසරේ එක් දිනයකදී හෝ වැඩි අවධානයක් යොමුකර සියලූදෙනාට ළමයින් ගැන කතා කිරීමට මෙදින හැකියාවක් ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

 
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 25 වැනිදා පැවති අතර ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 29,725 ක්.