මීගමුව ශාන්ත මරියා විදුහල්පති මරණය අභිරහසක්.

Monday, 30 September 2013 - 12:58

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

සැකකටයුතු ලෙස මියගොස් සිටියදී මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ මළ සිරුර ඔහුගේ කාර්යාලයට යාබදව පිහිටි නාන කාමරය තුළ තිබී අද (30) උදෑසන සොයාගැනුනා. පොලීසිය ප්‍රකාශ කළේ විදුහල්පතිවරයාගේ ගෙළ ප්‍රදේශයේ සහ වළලූකර ආසන්නයේ කැපුම් තුවාල දෙකක් දක්නට ලැබෙන බවයි.   

නාන කාමරය තුළ තිබී කුඩා පිහියක්ද හමුවී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය නිමවනතුරු මෙය ඝාතනයක්ද, සියදිවි හානිකරගැනීමක්ද යන්න ප්‍රකාශ කළ නොහැකි බව පරීක්ෂණ පවත්වන ප්‍රදේශය භාර පොලිස් නිලධාරියෙකු කියා සිටියා. විදුහල්පතිවරයා අද පාසලට පැමිණ ඇත්තේ උදෑසන 6 ට පමණයි. 7.20 ට පමණ සිය කාර්යාලය තුළදී ඔහු පාසල් ශිෂ්‍යයෙකු සමග සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ නමුත් පාසලේ උදෑසන රැස්වීමට නොපැමිණීම හේතුවෙන් ගුරුවරයෙකු ඔහුගේ කාර්යාලයට ගොස් සොයා බලන අවස්ථාවේදී  කැපුම් තුවාල සහිතව බිම වැටී සිටි විදුහල්පතිවරයා දැක ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පසුව ඔහු මීගමුව රෝහලට ඇතුළත් කළත් ඒ වනවිට විදුහල්පතිවරයා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා.
 
මීගමුව - දළුපොත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි මැක්ස්වල් ප්‍රනාන්දු නැමති මොහු මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පති ලෙස 2003 වසරේ සිට කටයුතු කර තිබෙනවා. තිදරු පියෙකු වන ඔහුගේ බිරිඳද විදුහල්පතිනියක්. 1972 දී ගුරු සේවයට බැඳුනු මියගිය විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසද කටයුතු කර ඇති අතර, සිය වසර 41ක සේවා කාලයට සමුදී විශ්‍රාම යාමට නියමිතව සිටියේ ලබන නොවැම්බර් මස 3 වැනිදායි.