විග්නේෂ්වරන් සමඟ සාකච්ඡා එපා. - ජයලලිතාට ඉල්ලීමක්.

Monday, 30 September 2013 - 18:59

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


 

 
තමිල්නාඩු දෙමළ ජනතාවගෙන් සමාව ගන්නා තුරු මහඇමතිනී ජයලලිතා ජයරාම් උතුරු පළාත් සභාවේ මහඇමතිවරයා ලෙස තේරී පත්ව සිටින සී.වී. විග්නේෂ්වරන් සමග සාකච්ඡා නොකළ යුතු බව ටැමිල්ස් ෆෝ ඔබාමා සංවිධානය පවසනවා. ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුව විසදීමට තමිල්නාඩුවේ හෝ දෙමළ ඩයස් පෝරාවේ සහයෝගය අවශ්‍ය නොවන බව විග්නේෂ්වරන් ප්‍රකාශ කිරීම මීට හේතු වූ බවයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. එමෙන්ම උතුරු පළාතේ ජීවත් වන්නේ තමිල්නාඩු දෙමළ ජනතාවගේ ඥාතීන් බව එම නිවේදනයේ සදහන්. එහෙත් සී.වී. විග්නේෂ්වරන් මෙම පදනම ප්‍රතික්ෂේප කර ප්‍රකාශ නිකුත් කර ඇති බවයි ටැමිල්ස් ෆෝ ඔබාමා සංවිධානය පෙන්වා දෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේ දී බැරක් ඔබාමාට දෙමළ ඩයස්පෝරාව සහාය පළ කරනු ලැබුවා. ඒ අනුවයි ටැමිල්ස් ෆෝ ඔබාමා සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ.