වීඩියෝ:රනිල්ට බැරි නම් පුළුවන් කෙනෙක් වැඩ පෙන්වන්න. - තිස්ස

Monday, 30 September 2013 - 19:00

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83


 
පක්ෂයේ නායකත්වයට සුදුසුයැයි කියා ගන්නා පුද්ගලයන්ට ඉදිරි පළාත් සභා මැතිවරණයන්ට ඉදිරිපත්ව තම හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පවසනවා. පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ කොළඹ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ තමන් නායකයන් යැයි ඇතැමුන් සිතා සිටින බවයි. එවැනි නායකයන්ට තම හැකියාව පෙන්වීමට පක්ෂය සූදානම් බව ද ඔහු මෙහිදී සදහන් කළා. මේ අතර, රජය විසින් ඉදිකිරීමට යෝජිත නව දුම්රිය මාර්ග සඳහා ඇස්තමේන්තු මුදලෙහි පරස්පරතාවයන් පවතින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.