වීඩියෝ:මෝදරදී පස් කන්දකට 4 දෙනෙක් යටවෙයි. - 2ක් මරුට.

Monday, 30 September 2013 - 18:52

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+-+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



ජල නළ එළීමක් සඳහා මෝදර එළිහවුස් උද්‍යාන ප්‍රදේශයේ කාණුවක් කපමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයා ද මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. අද (30) පස්වරුවේ ඔහුගේ සිරුර සොයා ගත් බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 5 දෙනෙකු සිට ඇති අතර ඉන් 4 දෙනෙකු පස් කන්දට යට වුණා. එහිදී එක් පුද්ගලයෙකු මීට පෙර ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ තවත් 3 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ රැදී සිටි ප්‍රතිකාර ලබමින් සිටි එක් අයෙකු මීට ටික වේලාවකට පෙර රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා. මෙසේ රෝහලෙන් නික්ම ගොස් ඇත්තේ පස් කන්දට යට වූ සිව් දෙනා සිටි ස්ථානයට ආසන්නයේ සේවය කරමින් සිටි අනෙක් කම්කරුවායි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ චීන සමාගමකට අයත් දේශීය කම්කරුවන් පිරිසක්. ජල නළ එලීම සදහා මීටර් 5ක් පමණ ගැඹුරට කාණුව සකස් කරමින් සිටියදී මෙම පිරිස අනතුරට පත්වූයේ අද (30) දහවල් කාලයේදියි.

මේ අතර, මෙම අනතුරත් සමඟ ස්ථාන කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම මේ වන  විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. අනතුරත් සමග කොටහේන - බ්ලූමැන්ඩල් සහ මෝදර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ලැබුවා.