කොම්පඤ්ඤවීදියටත් කැසිනෝ. - එජාපය.

Tuesday, 01 October 2013 - 8:06

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

සංවර්ධනයේ මුවාවෙන් කොම්පඤ්ඤවීදියේ පදිංචි ජනතාව ඉවත් කර එහි එක් ප්‍රදේශයක කැසිනෝ සමාජශාලා ඇති කිරීමේ සූදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ පසුගිය සැප්තැම්බර් මස 23 වන දා ඊට අදාළ ගැසට් නිවේදනයක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බවයි. මීට පෙර ඞී.ආර්.විජේවර්ධන මාවතේ ඉදිකිරීමට නියමිතව තිබූ කැසිනෝ ශාලාවට එරෙහිව රජය කොම්පඤ්ඤ වීදියේ ප්‍රදේශයේ කැසිනෝ ශාලා ඉදිකිරීමට මෙමගින් බලාපොරොත්තු වන බවයි ඔහු එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ. වසර සිය ගණනක් සිට පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් කර සිදුකිරීමට යන මෙම පියවර ජනතා විරෝධී සහ දේශවිරෝධි ක්‍රියාවක් බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.