වීඩියෝ : ඇමෙරිකානු රජය අක්‍රිය වෙයි.

Tuesday, 01 October 2013 - 10:04

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ජනාධිපති බැරැක් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂණ පනතට සහය දැක්වීම රිපබ්ලිකන්වරුන්ගේ බලය සහිත මහජන නියෝජිත මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා රජයේ මූල්‍ය කටයුතු තාක්ෂණික වශයෙන් දැන් නතර වී තිබෙනවා. ඒ සඳහා වූ කාල විරාමය මීට පැය කිහිපයකට පෙර අවසන් වුණා. සෞඛ්‍ය ආරක්ෂණ පනත මුල් කරගෙන ඉදිරි වසරේ අයවැය අනුමත කිරීම ඇමෙරිකානු කොංග්‍රසය විසින් ප්‍රතික්ෂේප වීම මීට හේතුවයි. මේ නිසා, හත්ලක්ෂය ඉක්මවූ ඇමෙරිකානු රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම් සිදුකිරීමට නොහැකි වනු ඇති. රිපබ්ලිකන්වරුන් පවසන්නේ ඔබාමාගේ සෞඛ්‍ය පනත කල් දමන්නේ නම් අයවැයට අනුමැතිය ලබාදිය හැකි බවයි.