වාස්ගේ නඩුවේ සැකකරුවන් දෙදෙනෙකු රජයේ සාක්ෂිකරුවන් වෙයි.

Tuesday, 01 October 2013 - 18:35

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



කොල්ලූපිටියේ - කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුවේ සැකකරුවන් දෙදෙනෙකු රජයේ සාක්ෂිකරුවන් බවට පත් කරමින් කොන්දේසි සහිත සමාවක් පිරිනැමීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. මෙසේ කොන්දේසි සහිත සමාව හිමිවී ඇත්තේ නඩුවේ පළමු වන සැකකරු වන ක්‍රිෂාන්ත විශ්වරාජ් කෝරළගේ සහ දෙවන සැකකරු වන මොහොමඞ් ෆවුසිඞීන් යන දෙදෙනාටයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ රියදුරා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් ප්‍රියන්ත සංජීවට ද කොන්දේසි සහිත සමාවක් ලබාදීමට තීරණය කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නීතිපතිවරයා විසින් මීට අදාළ ලිපි ගොනු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් වෙත යොමු කර තිබුණා. සැකකරුවන් අධිකරණය හමුවට කැදවූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මේ පිළිබදව සැකකරුවන්ට ප්‍රකාශ කළ අවස්තාවේදී වාස් ගුණවර්ධනගේ රියදුරා ලෙස කටයුතු කළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොන්දේසි සහිත සමාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
 
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතනයේ සැකකරුවන් 9 දෙනෙකු දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා. ඔවුන් ඔක්තෝම්බර් 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය මීට පෙර නියෝග කළේ.