පළාත් සභාවට ව්‍යවස්ථාවට පිටින් යන්න බැහැ. - ආණ්ඩුව.

Wednesday, 02 October 2013 - 7:31

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80.

පළාත් සභාවල කුමන යෝජනා සම්මත කර ගත්ත ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඒවා කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙම අදහස් පළ කළේ නැගෙනහිර පළාත් සභාවේ ඊයේ (01) සම්මත කර ගත් යෝජනාව පිළිබදව අදහස් දක්වමින්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීමක් හැර හිතුමතේ ව්‍යවස්ථාවට පටහැනිව නීති සම්පාදනය කළ නොහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

 

13 වන සංශෝධනයේ වෙනසක් සිදුනොකර එහි සඳහන් සියලූ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවට වන යෝජනාවක් නැගෙනහිර පළාත් සභාව ඊයේ සම්මත කර ගත්තා. යෝජනාව සභාවට ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින්. එහි නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම් නායක ඒ. මොහොමඞ් ජමීල් කියා සිටියේ වැඩි ඡන්ද 15කින් එය සම්මත වූ බවයි. ඊට පක්ෂව ඡන්ද 16ක් ලැබී තිබූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡුන්දයක් පමණයි. සභිකයන් 37 දෙනෙකු සිටින නැගෙනහිර පළාත් සභාවේ අනෙකුත් සභිකයන් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ සභාවේ රැදී සිට නැහැ.