හෙට සුරාසැල් වැසේ.

Wednesday, 02 October 2013 - 11:15

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A.

ලෝක අමද්‍යප දිනය යෙදෙන හෙට (03) දිනයේ දිවයිනේ සියලූ සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම කියා සිටියේ සුරාබදු කොමසාරිස් වසන්ත හපුආරච්චිගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි. ඒ අනුව හෙට දිනයේදී මත්පැන් අලෙවිසැල් සහ බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන අතර, මෙම නියෝගය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළා.