මෙවර විභාගයෙන් ලකුණු 172 ක් ලබා ශිෂ්‍යත්වය සමත්වූ දකුණු පළාතේ පාසල් දැරියක් තම පියාගෙන් ලිපියක් මගින් අපූරු ත්‍යාගයක් ඉල්ලා ඇති පුවතක්ද හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා. ඒ, පියාගේ බීමත්කම නතර කරන ලෙසයි. ඊට ඇගේ පියා එකඟත්වය පළකර තිබෙනවා. පසුගියදා රිය අනතුරකට ලක්ව තුවාල ලැබූ මෙම ශිෂ්‍යාවගේ පියා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ ඊයේ දිනය වනවිටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. එම අවස්ථාවේදී මෙම ලිපිය සිය මව අතේ ඇය පියා වෙත යවා තිබෙනවා. එම ලිපියයි මේ.
[JPG]68482_1[/JPG]