දෙමළ සන්ධානයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සති 2ක කාලයක්.

Wednesday, 02 October 2013 - 19:17

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+2%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



උතුර පළාත් සභාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 5 සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සිදු කෙරුණා. ඒ අනුව එම පෙත්සම්වලට එරෙහිව දෙමළ ජාතික සන්ධානය විසින් මූලික විරෝධතා ගොනු කර තිබෙනවා.
 
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකා භූමිය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සඳහන් කර ඇති බව පවසමින්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද යන්න සොයා බලන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, දේශප්‍රේමි භික්ෂු පෙරමුණ සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු විසින්. පෙත්සම්වලින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා වගඋත්තකරුවන් ලෙස නම් කර තිබුණා. පෙත්සම් මුල්වර සලකා බැලූ පසුගිය 18 වැනිදා වගඋත්තරුකරුවන්ට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළා. ඒ අනුව වගඋත්තරකරුවන්ගේ නීතීඥවරුන් අද අධිකරණය හමුවේ මෙම පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනුකළ අතර ඒවා ලිඛිතව ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ට සති දෙකක කාලයක් ලබාදී තිබෙනවා.