තිස්ස අත්තනායක කුණ්ඩසාලේ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

Thursday, 03 October 2013 - 7:11

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක එක්සත් ජාතික පක්ෂ කුණ්ඩසාලේ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දිනයේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇති බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ නමුත් එම ඉල්ලා අස්වීම විපක්ෂ නායකවරයා පිළිගත්තේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත වශයෙන් තොරතුරු වාර්තාවී නැහැ.

පැවති පළාත් සභා මැතිවරණයෙන් කුණ්ඩසාලේ ආසනය එක්සත් ජාතික පක්ෂය පරාජය වීමත් සමග මෙම තීරණය ගත් බවයි සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් තිස්ස අත්තනායක මහ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ. කුණ්ඩසාලේ ආසන පරාජයට පත්වීම තමා භාරගත යුතු බවත්, එය පක්ෂයේ නායකයාට පැවරීම නුසුදුසු ක්‍රියාවක් බවද සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සිය ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

මෙවර පැවති පළාත් සභා මැතිවරණයෙන් කුණ්ඩසාලේ ආසනය එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18 000 කට ආසන්න සංඛ්‍යාවකින් පරාජයට පත්වුණා. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31 606 ක්. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි වූයේ ඡන්ද 13 136 ක් පමණයි.