උතුරේ මහ ඇමති දිවුරුම් දීම 15 න් පසු.

Thursday, 03 October 2013 - 7:43

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+15+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94.



උතුරු පළාත් සභාවේ නව මහ ඇමතිවරයාගේ දිවුරුම් දීම සම්බන්ධයෙන් හෙට දිනයේ අවසන් තීරණයකට එළඹෙන බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පවසනවා. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ නව මහ ඇමතිවරයා ලෙස සී.වී. විග්නේශ්වරන් කවුරුන් ඉදිරියේ දිවුරුම් දෙන්නේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි. බොහෝ දුරට උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලබන 15 වැනිදාට පසු ප්‍රධාන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි දෙමළ සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ.

 
මහ ඇමතිවරුන් දිවුරුම් දිය යුත්තේ කවුරුන් ඉදිරියේද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාශ්‍රී ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පළාත් මහ ඇමතිවරු ආණ්ඩුකාරවරයාගෙන් පත්වීම් ලිපිය ලබාගත යුතු බවයි. කවුරුන් ඉදිරියේ දිවුරුම් දිය යුතුද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත සඳහන් කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා. එහෙත් මහ ඇමති තනතුරේ වැඩ භාරගැනීමට පෙර අනිවාර්යෙන් දිවුරුම් දීමක් සිදුකළ යුතු බවයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාශ්‍රී ප්‍රකාශ කළේ.