UPDATE : කොන්දොස්තර පහරදුන් සිසුන් හතරදෙනෙකු රෝහලේ.

Thursday, 03 October 2013 - 11:13

UPDATE+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.

පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු පාසල් සිසුන් හතරදෙනෙකුට යකඩ පොල්ලකින් පහරදීමේ සිද්ධියක්  බද්දේගම ප්‍රදේශයෙන් වාර්තාවුණා. ඊයේ (02) පස්වරු 3.30 ට පමණ බද්දේගම බස් නැවතුම්පල අසලදී මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ 11වසරේ ඉගෙනුම ලබන සිසුන් හතරදෙනෙක්. මෙම සිසුන්ගෙන් තුන්දෙනෙකු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනෙකු ගාල්ල - කරාපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා. පහරකෑමට ලක්වූ  එක් සිසුවෙකු මීට පෙර දින එම කොන්දොස්තරවරයාගේ මුහුණ බැලීම මෙම පහරදීමට හේතුවී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

 
පහරදීම සිදුකළ බස් රථයේ කොන්දොස්තරවරයා බද්දේගම - වක්වැල්ල හරහා ගාල්ල දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයකයි සේවය කරන්නේ. කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

නවතම යාවත්කාලීන කිරීම - 2013 ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දා-  12:39

-------------------------------------------

මීට පෙර පුවත -2013 ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දා- පෙරවරු 11:13


පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් පාසල් සිසුන් හතරදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ඊයේ පස්වරු 3.30 ට පමණ බද්දේගම බස් නැවතුම්පල අසලදී මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බද්දේගම කිස්තුදේව විද්‍යාලයේ 11වසරේ ඉගෙනුම ලබන සිසුන් හතරදෙනෙක්. මෙම සිසුන් බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් දෙදෙනෙකු ගාල්ල - කරාපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා. සිද්ධියට සම්බන්ධ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.

[JPG]68534_1[/JPG]

[JPG]68534_2[/JPG]

[JPG]68534_3[/JPG]

[JPG]68534_4[/JPG]

[JPG]68534_5[/JPG]

[JPG]68534_6[/JPG]