වීඩියෝ: 70% ක් ශිෂ්‍යත්වය සමත් ද ? ඇමති බන්දුලගෙන් පිළිතුරු.

Thursday, 03 October 2013 - 19:16

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++70%25+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF+%3F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 70% ක් විභාගය සමත් බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළත්, ශිෂ්‍යාධාර හිමිවන්නේ සමත් වූ සිසුන්ගෙන් 10% කට පමණක් බව ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙනවා. මෙවර විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ විභාගයෙන් ලකුණු 70 ක් ලබාගත් සිසුන් විභාගය සමත් බවට සලකන බවයි. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් තුන් ලක්ෂ 22,455 දෙනාගෙන් සිසුන් දෙලක්ෂ 23,908 ක් විභාගය සමත් වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියා. කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිගන්නේ නැහැ. එහි ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ විභාගයේ ලකුණු 70 ක් පමණක් ලබා ගැනීම ශිෂ්‍යත්වය සමත්වීම ලෙස සැලකිය නොහැකි බවයි.

අප ගුරු සංගම් නගන මෙම තර්කය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් අද (03) විමසීමක් කළා. අමාත්‍යවරයා කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සීමාව, විභාගය සමත් ලකුණු සීමාව ලෙස සැලකිය නොහැකි බවයි. ජාතික අධ්‍යාපන කොමිසම මගින් ලබාදුන් නිර්දේශයකට අනුව ශිෂ්‍යත්ව විභාගය සඳහා සමත් ලකුණු සීමාවක් හඳුන්වාදීමට අමාත්‍යාංශය 2010 වර්ෂයේදී පියවර ගත් බව ඔහු කියා සිටියා. මේ අනුව මෙවර විභාගයෙන් ලකුණු 70 ට වඩා ගත් සිසුන්ට ලබන නොවැම්බර් මාසයේදී සහතිකයක් විභාග දෙපාර්තමේන්තුව මගින් පිරිනැමීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන තවදුරටත් සඳහන් කළේ.