වීඩියෝ: අග්නිදිග සරසවියේ ගැටුමක් - ශිෂ්‍යයින් 23 ක් රෝහලේ.

Thursday, 03 October 2013 - 19:18

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+++%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.

නේවාසිකාගාර පිළිබඳව ඇතිවු ගැටළුවක් හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් සහ තෙවන වසරේ සිසුන් අතර ඇතිවු ගැටුමකින් තුවාල ලබා සිසුන් 23 දෙනෙකු සමන්තුරේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සමන්තුරේ පොලිසිය සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 41 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගමගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ ශිෂ්‍යයින්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බවයි.