වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසු පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහ විද්‍යාලයේ තිබී හමුවූ ඡන්ද මළු අද (04) පුත්තලම දිසා අධිකරණයේදී විවෘත කිරීමට නියමිතයි. පසුගිය 24 වැනිදා සොයාගත් ඡන්ද මළුවල අඩංගු ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ගණනය කිරීම සඳහා මෙම විවෘත කිරීම සිදුවනවා. පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම අවස්ථාවට එම මළු මුද්‍රා තබන අවස්ථාවේ අත්සන් තැබූ අපේක්ෂකයින් 12 දෙනා අනිවාර්යයෙන් සහභාගි විය යුතු බවයි.
එමෙන්ම පුත්තලම පොලීසියේ විමර්ශන නිලධාරීන්ද මැතිවරණ රාජකාරිවල නිරතව සිටි නිලධාරීන්ද එම අවස්ථාවට සහභාගි විය යුතු බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ දක්වා තිබෙනවා.