"දිනුජ පුතා" යාත්‍රාවේ පුද්ගලයින් 65 දෙනා නාවික හමුදාව බේරාගනී.

Friday, 04 October 2013 - 8:07

%22%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%A2+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%22+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+65+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර මුහුදේදී අනතුරට ලක්වු පුද්ගලයින් 65 දෙනා බේරාගැනීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. මොවුන් රැගත් ‘‘දිනුජ පුතා’’ යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට ඊයේ (03) උදෑසන නාවික හමුදාව වෙත තොරතුරු ලැබුන අතර ඒ අනුව ඔවුන් බේරාගැනීම සඳහා සාගර නෞකාව පිටත්කර හැරියා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසළ වර්ණකුලසූරිය සඳහන් කළේ  බේරාගත් පිරිස මේ වනවිට ගොඩබිම කරා රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි.