ළමා දිනයදා පිළියන්දල පාසලක සිසුන්ට අස්වීමේ සහතික.

Friday, 04 October 2013 - 12:47

%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A.

කැස්බෑව - බණ්ඩාරගම මාර්ගය බටුවන්දර මංසන්ධියෙන් අවහිරකරමින් බටුවන්දර කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා. ඒ, එම පාසලේ 6 ශ්‍රේණියේ සිසුන් ඉවත් කිරීමට විරෝධය පළකරමින්. ද්වීතියික පාසල් දහසේ ව්‍යාපෘතිය යටතේ මෙම පාසල ඇතුලූ තවත් පාසල් 5 ක 6 ශ්‍රේණියේ සිට ඉහළ පන්ති ක්‍රමානුකූලව ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. ලෝක ළමා දිනය යෙදුනු පසුගිය පළවැනි දින හය ශ්‍රේණියේ සිසුන්ට අස්වීමේ ලිපි ලබාදුන් බවද විරෝධතාවට එක්වූ දෙමාපියන් සඳහන් කළා. උද්ඝෝෂණයෙන් අනතුරුව එම දෙමාපියන් පිළියන්දල අධ්‍යාපන කලාප කාර්යාලය වෙත පැමිණියා. ඔවුන් මේ වනවිට එහි විරෝධතාවක නිරතවන බව සඳහන්.