වීඩියෝ: එජාප නායකත්ව මණ්ඩල යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට.

Friday, 04 October 2013 - 19:07

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.


එක්සත් ජාතික පක්ෂයට උපදෙස් ලබාදීම සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත යොමු කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය එකඟතාවය පළ කර තිබෙනවා. පක්ෂයට උපදෙස් දීම සඳහා 9 දෙනෙකුගෙන් යුත් මණඩලයක් පත් කිරීම වෙනුවෙන් එක්සත් භික්ෂු පෙරමුණ විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. ඊට අදාළව එහි අනුශාසක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් භික්ෂු පෙරමුණේ නියෝජිතයන් අතර අද (04) සාකච්ඡාවක් පැවැත්වුණේ කොල්ලූපිටිය - පොල්වත්ත ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ දීයි. මෙහිදී නායකත්ව මණ්ඩලය සම්බන්ධයෙන් වූ යෝජනාව ලබන 7 වන දා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සාකච්ඡා කොට නැවත එක්සත් භික්ෂු පෙරමුණ වෙත සිය ස්ථාවරය දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බව එක්සත් භික්ෂු පෙරමුණේ අනුශාසක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් සදහන් කළා.  

මේ අතර, දැනට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය භාරගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය පක්ෂ නායකත්වයට දැනුම් දී තිබෙනවා. තමන්ට අමතරව තවත් පිරිසකගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමි වී ඇති බැවින් මෙම අවස්ථාවේ තමන් පමණක් එය භාර ගතහොත් තවත් පිරිසකට සිත් රිදවීම් ඇති විය හැකි බවයි ඔහු ඊට හේතු වශයෙන් දක්වා ඇත්තේ. කෙසේ වුවද පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බව ද කරු ජයසූරිය මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වයට දැනුම් දී තිබෙනවා.
 
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ සහ භාණ්ඩාගාරික සෙනරත් කපුකොටුව සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් යොමු කළ ලිපියකට පක්ෂ නායකත්වය විසින් අනුමැතිය ලබාදී ඇති බවට ද වාර්තා පළ වී තිබුණා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ එවැන්නක් මෙතෙක් සිදුවී නොමැති බවයි.