වීඩියෝ: ප්‍රභාකරන්ගේ භූගත බංකරය පුපුරවා හැරේ.

Friday, 04 October 2013 - 19:10

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B6%E0%B6%82%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A.

බිත්ති ඉරි තලා අවධානම් තත්ත්වයේ පැවතීම හේතුවෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ භූගත බංකරය පුපුරුවා හැර තිබෙනවා. එසේම එය මතුපිට අබලන් තත්ත්වයේ පැවැති නිවස ද කඩා ඉවත් කළ බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ප්‍රකාශ කළේ. දිගු කලක් මෙම ගොඩනැගිලි ඉවත් කිරීමේ අවශ්‍යතාව පැවතුණත් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිසා එය ප්‍රමාද වී තිබෙනවා. යම් පිපිරවීමක් සිදුකළහොත් අවට ඇති අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය ද පුපුරා යාමට ඉඩ තිබීම ඊට හේතුවයි.