ශ්‍රී ලංකාව ගැන බ්‍රිතාන්‍යයේ රෝගන් සාමිගෙන් සහතිකයක්.

Saturday, 05 October 2013 - 7:40

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාව ආගමික සහ වාර්ගික සමගිය පවතින රටක් බව බ්‍රිතාන්‍ය සාමි මණ්ඩල සාමාජික රෝගන් සාමිවරයා ප්‍රකාශ කළා. ඒ, ඊයේ (04) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින්. බ්‍රිතාන්‍යයේ කන්සවෙටිව් පක්ෂය නියෝජනය කරන ඔහු දින 7ක තතු විමර්ශන චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු කියා සිටියේ තමා උතුරේ කළ චාරිකාවේදී ඇතැමුන් ප්‍රචාරය කරන තරම් හමුදා භට පිරිස් දක්නට නොලැබුණු බවයි. රජයේ නිළධාරීන් ආගමික නායකයන් සහ සාමාන්‍ය වැසියන් සමග තමා නිදහසේ කතා කළ බව ද සිහිපත් කළ ඔහු දිගුකාලීන සාමය සඳහා ප්‍රධානතම මාර්ගය සංවාදය සහ රාජතාන්ත්‍රික ව්‍යායාමය බව ද කියා සිටියා.