සාම්පූර් බලාගාර ගිවිසුමටත් අත්සන් කරයි.

Saturday, 05 October 2013 - 12:40

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ලබන සඳුදා දිවයිනට පැමිණෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වන ඔහු ලබන අඟහරුවාදා උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ද මුණ ගැසීමට නියමිතයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දෙමළ සන්ධානයේ නියෝජිතයන් ද මුණ ගැසෙන බව සදහන්. 2012 වසරේ ජනවාරි මාසයෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් සිය ශ්‍රී ලංකා චාරිකාවේදී සාම්පූර් බලාගාර ගිවිසුමට ද අත්සන් කිරීමට නියමිතයි.

 

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩූ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අංශ 5ක් යටතේ සාම්පූර් ගල් අගුරු බලාගාර ගිවිසුම සකස් වී ඇති බවයි.

 
සාම්පූර් බලාගාරය මගින් මෙගාවොට් 500 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන අතර, සමස්ත ව්‍යාපෘතියට වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 600ක්.  2017 වසරේදී එය විවෘත කිරීමට නියමිතව තිබෙනවා.