ඖෂධ ඒකාධිකාරය බිඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැරසෙයි.

Saturday, 05 October 2013 - 19:02

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

මෙරටට ඖෂධ සැපයීමේ ඒකාධිකාරය බිඳ දැමීම සඳහා ඖෂධ මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, බංග්ලාදේශය, තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කොට එම රටවලින් ඍජුව ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවයි ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම සඳහන් කළේ. ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ සපයන සමාගම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර තවදුරටත් දැඩි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කළේ.

දීර්ඝ කාලයක් තිස්සේ මෙරටට ඖෂධ සපයන සමාගම් ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ අතර, එම නිසා අවස්ථා ගණනාවකදීම වෙළඳපොලෙන් එම ඖෂධ ඉවත් කිරීමට ද සිදුවුණා.  

මේ අතර, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය රැක ගැනීමට සියලූ දෙනා කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) පැවති මහාචාර්ය සේනක බිබිලේ 30 වන සමරු උත්සවයට කොළඹ දී එක්වෙමින්.