ජාතික ප්‍රශ්නය අවසන් නැහැ. ඇමති තිස්ස විතාරණ.

Sunday, 06 October 2013 - 7:32

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB.


මෙරට තවමත් ජාතික සමගිය ගොඩනැගී නොමැති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ පවසනවා. කීර්තිමත් වාමාංශික දේශපාලනඥයෙකු වූ පීටර් කෙනමන්ගේ 96 වන ඡුන්ම දින සැමරුම වෙනුවෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල ඇති ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවක් ඊයේ පැවැත්වුණා. ඊට ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය ඇතුළු වාමාංශික දේශපාලන නායකයින් කිහිප දෙනෙකුද එක්ව සිටි අතර, එහිදී අදහස් දැක්වු  ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ කියා සිටියේ මෙරට ජාතික සමගිය තවමත් නිසි අයුරින් ඇතිවී නොමැති බවයි. භාෂා දෙකක් ප්‍රධාන භාෂා බවට පත් කිරීමේ අවශ්‍යතාවය දැන් හොඳින් මතුවී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.