උතුරේ ඇමතිවරුන් මහ ඇමති දිවුරුම්දීමෙන් පසු.

Sunday, 06 October 2013 - 7:41

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94.

උතුර පළාත් සභාවේ ඇමතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවද අවසන් එකඟතාවකින් තොරව නිමාවට පත්ව තිබෙනවා. එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටියේ පිහිටි පක්ෂ කාර්යාලයේ මෙම සාකච්ඡාව පැවැත්වුණා. හෙට (07) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ සී.වී.විග්නේෂ්වරන් උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. ඉන් පසු අමාත්‍ය මණ්ඩලය පත්කරන බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තේරී පත්ව සිටින සී.වී. විග්නේෂ්වරන් සඳහන් කළේ රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය දක්වන කැමැත්ත පෙන්වීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට තීරණය කළ බවයි.