වීඩියෝ:ගල්ගමුවේ කුඩා දරුවෙකු රූපවාහිනිය ඇඟ මත වැටී මරුට.

Sunday, 06 October 2013 - 12:23

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%9F+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

රූපවාහිනී යන්ත්‍රයක් සහ එය රඳවන ආධාරකය සිය ශරීරයට වැටීමෙන් අවුරුදු තුන හමාරක පිරිමි දරුවෙකු මියයෑමේ සිද්ධියක් ගල්ගමුව - මහානාන්නෙලිය - වෑවරවැටිය ප්‍රදේශයෙන් වාර්තාවුණා. ගල්ගමුව පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ එච්.එම්. ප්‍රමෝද් අකලංක හේරත් නැමති දරුවා බවයි. පවුලේ එකම පිරිමි දරුවා වන මොහුට තවත් වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සහ බාල නැගණියක් සිටිනවා. වැඩිමහල් සහෝදරියන් දෙදෙනාගේ වයස අවුරුදු 12 ක් සහ 8 ක් වන අතර බාල නැගණියගේ වයස මාස දෙකක්. සිද්ධිය වන දිනයේදී මෙම දරුවාගේ මව නිවසේ පිටුපස ආහාර පිසිමින් සිට ඇති අතර මියගිය දරුවාගේ පුංචි අම්මා මාස දෙකක් වයසැති නැගණිය නළවමින් සිට තිබෙනවා. මියගිය දරුවා නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා එහි දුරස්ථ පාලකය ගැනීමට රූපවාහිනී රඳවනය මතට නැගීමට උත්සාහ කළ අවස්ථාවේදියි  මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත්තේ. මෙම දරුවාගේ පියා සේවය කරනු ලබන්නේ නාවික හමුදාවේයි.

[JPG]s68742[/JPG]

ඡායාරූප - රොෂාන් රණසිංහ