ඉන්දීය ධීවර ආක්‍රමණය ගැන ශ්‍රී ලංකාවෙන් පැමිණිල්ලක්.

Sunday, 06 October 2013 - 12:31

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.



ඉන්දු - ලංකා සබඳතාවල අතිශය වැදගත් තේමාවන් කිහිපයක් පිළිබඳ සංවාදයක් ගොඩනැගී ඇති අවස්ථාවකයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් දිවයිනට පැමිණෙන්නේ. ඔහු මෙරටදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුලූ රජයේ නියෝජිතයන් මෙන්ම, යාපනයේදී උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සහ ප්‍රධාන අමාත්‍ය ධුරයට තේරී පත්වූ සී.වී. විග්නේෂ්වරන්ද මුණගැසෙනු ඇති.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ශ්‍රී ලංකා චාරිකාවේදී සාම්පූර් විදුලි බලාගාර ගිවිසුමටද අත්සන් තබනවා. ඊට අමතරව ඉන්දු - ලංකා ධීවර ගැටළුව පිළිබඳවද ඔහු මෙරට බලධාරින් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙසත් රාජසන්තක කෙරෙන බෝට්ටු මුදා හරින ලෙසත් ඔහු ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂිතයි.

කෙසේ නමුත් දකුණු ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම මෙතෙක් නතරවී නැහැ. එහෙත් ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව තවදුරටත් සාකච්ඡා කර සුහද අන්දමින් විසඳා ගැනීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රකාශ කළේ. මෙම ගැටළුවට විසඳුම් ලෙස ලක් රජය පියවර රැසක් මේ වනවිටත් ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ලක් රජය යුරෝපා සංගමයට පැමිණිලි කළහොත් ඔවුන් අසාදු ලේඛනගත කිරීමට වූවද ඉඩ ඇති බවයි. එහෙත් එවැනි පියවරක් ගැනීමට ලක් රජය සූදානම් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.