දඹදිව බැතිමතුන්ට සුරක්ෂිතයි. - අස්ගිරි මහානාහිමියන්.

Monday, 07 October 2013 - 7:53

%E0%B6%AF%E0%B6%B9%E0%B6%AF%E0%B7%92%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A.


 
බුද්ධගයාව ඇතුළු සෙසු දඹදිව සිද්ධස්ථානයන් ශ්‍රී ලාංකික බොදු බැතිමතුන්ට සුරක්ෂිත බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මාහිමිපාණන් වහන්සේ පවසනවා. දඹදිව බුද්ධගයාවට පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව දඹදිව සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා යාමට බොහෝ දෙනා බියට පත්වී ඇතත්, එවැනි බියක් ඇති කර ගත යුතු නැති බවයි මහානායක හිමියන් පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ දඹදිව බෞද්ධ සිද්ධස්ථානවල වත්මන් ආරක්ෂක තත්ත්වයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පස්දින නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව, යලි දිවයිනට පැමිණීමෙන් පසුවයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ. දඹදිව සෑම සිද්ධස්ථානයක් වෙතම රාජ්‍ය ආරක්ෂාව සපයා දී ඇති බැවින් උපරිම ආරක්ෂාවක් බැතිමතුන්ට ලැබෙන බවයි අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන් සඳහන් කළේ.