බර්ටිගෙන් හිස්වූ කලාවැව අසුන එස්.එම්. චන්ද්‍රසේනට.

Monday, 07 October 2013 - 12:34

%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%A7.



හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ අභාවයෙන් හිස්වූ කලාවැව ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට හිමිව තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (07)  පෙරවරුවේ මෙම පත්වීම් ලිපිය ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

 

1991 වසරේදී කලාවැව - ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස දේශපාලනය ඇරඹි නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන 1993 වසරේදී පළමු වතාවට උතුරු මැද පළාත් සභාවට තේරී පත්වනවා. 1998 වසරේ පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු 2002 වසරේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කලාවැව ආසනයෙන්.

 
කලාවැව ආසන සංවිධායකවරයා ලෙස  පත්කිරීමත් සමග හිස්වන හොරොව්පතාන ආසනයට නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් පත්කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. මීට අමතරව දැනට පුරප්පාඩුව පවතින කැකිරාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සී. මුතුකුමාරණට ලබාදීම කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි වාර්තාවන්නේ. අභාවප්‍රාප්ත හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල්ගේ පුත්, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක තවදුරටත් මිහින්තලේ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ඇති.