වීඩියෝ: එජාප කෘත්‍යාධිකාරී රැස්වීම ඇරඹේ.

Monday, 07 October 2013 - 19:11

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (07) පස්වරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. පළාත් සභා මැතිවරණයෙන් පසු පැවැත්වෙන ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වන මෙය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ. මේ වන විට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පසුගිය පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සාමාජිකයන් අතර උණුසුම් ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා. තවද පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදව ද සාමාජිකයන් අදහස් පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
 
මේ අතර පසුගිය දා මාතර දී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සාකච්ඡා වී තිබෙනවා. දැන් පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සදහා එහි සාමාජිකයන් බොහෝ දෙනෙකු සහභාගි වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ද ඒ අතර වන බවයි එහි සිටින අප වාර්තාකරු සදහන් කළේ. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය පිරිනැමූ කරු ජයසූරිය මන්ත්‍රීවරයා මෙතෙක් එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වී නැහැ.