UPDATE : වීඩියෝ: ආණ්ඩුව එක්ක වැඩ කරන්න. - කුර්ෂිඞ් උතුරට කියයි.

Monday, 07 October 2013 - 19:17

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9E%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

සංහිඳියාව සහ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා උතුරේ මහ ඇමතිවරයා ජනතාවට උපකාර කරනු ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් පවසනවා. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ (08) මන්නාරම ප්‍රදේශයේ ජනතාව යාපනයේදී හමුවු අවස්ථාවේදීයි මේ බව කියා සිටියේ.

 

 
එමෙන්ම, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් සහ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක්ද ඊයේ (08) පැවැත්වුණා. මෙරට මධ්‍යම රජය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටි බවයි උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් එම හමුවෙන් අනතුරුව ප්‍රකාශ කළේ. රජය ඒ සඳහා හොඳ ප්‍රවේශයන් ලබාදී ඇති බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 09 බදාදා - පෙරවරු 07:39

------------------------------------------------------------------------------------

ජනපතිගේ නිර්භීත තීරණයට ඉන්දියාවේ ප්‍රසාදය.

උතුරේ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් නිර්භීත තීරණයට සහ ඒ සඳහා දුන් නායකත්වයට ඉන්දියාවේ ප්‍රසාදය පළවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මේ බව සඳහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ජනාධිපති මන්දිරයේ අද (08) පැවති සාකච්ඡාවේදියි. උතුර පළාත් සභා මැතිවරණය ඉතා වැදගත් ඉදිරි පියවරක් බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා. ඉන්දු - ලංකා ධීවර ගැටළු විසඳාගැනීම සඳහා ධීවර ප්‍රජාව අතර සාකච්ඡාවන් ඇති කිරීම ප්‍රශස්ත පියවරක් බවට මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළුවලට විසඳුම් ලබා ගැනීමේ හොඳම වේදිකාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. තේරීම් කාරක සභාව මගින් ඉදිරිපත් කරන දේශීය විසඳුමක් කෙරෙහි තමන් විශ්වාසය තබන බවයි එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.  

මේ අතර, ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් අද (08) යාපනයේ සංචාරයක් ඇරඹුවා.  එහිදී ඔහු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි හමුවූ අතර යාපනය - තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඉන්දීය ආධාර යටතේ ඉදිකළ නිවාස කිහිපයක්ද ජනතාවට භාරදුන්නා. අනතුරුව උතුරේ ප්‍රදේශ කිහිපයක සංචාරය කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහි ජනතාව සමග කරුණු සාකච්ඡා කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.  ඔහු අද පස්වරුවේ උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ද මුණ ගැසීමට නියමිතව තිබුණා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා- පස්වරු 06:50 

--------------------------------------------------------------------

13ට හොඳම විසඳුම ජනපති සහ ඉන්දීය විදේශ ඇමති පෙන්වයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා - පස්වරු 12:57

 

13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළුවලට විසඳුම් ලබා ගැනීමේ හොඳම වේදිකාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. තේරීම් කාරක සභාව මගින් ඉදිරිපත් කරන දේශීය විසඳුමක් කෙරෙහි තමන් විශ්වාසය තබන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ජනාධිපති මන්දිරයේ දී අද (08) හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ දෙදින චාරිකාවේ එක් පියවරක් ලෙස මෙම සුහද සාකච්ඡාව පැවැති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළා.

 

දෙරට අතර ආර්ථික සබඳතා සහ ද්වි පාර්ශවික කරුණු පිළිබදව ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ආර්ථික ක්ෂේත්‍රයේ පවතින විෂමතා දුරුකරලීමට දෙරටේ ක්ෂේත්‍ර භාර නියෝජිත හමු සංවිධාන කෙරෙනවා.

 

ශ්‍රී ලංකාව විසින් ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී පියවර ඉන්දියාව අගය කරන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. දෙරටේම අභ්‍යන්තර දේශපාලන වාතාවරණයන් පිළිබදව තමන්ට අවබෝධයක් ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ද පවසා තිබෙනවා.

 


දෙරට අතර පවතින ධීවර ගැටළුව සුහද අන්දමින් විසදා ගැනීමට මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවයම එකඟත්වය පළ කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ සඳහා ඉන්දීය, ශ්‍රී ලාංකික මෙන්ම තමිල්නාඩු යන තුන් පාර්ශවයම එක්ව රැස්වීම්, සාකච්ඡා පෙළක් පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ. ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දෙරටට අදාළ කලාපීය කරුණු සම්බන්ධයෙන් ද අද (08) උදෑසන පැවැති සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

 

මේ අතර, ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මුණ ගැසී සාකච්ඡාවක නිරත වූ බව සඳහන්. ඉන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා යාපනයේ සංචාරයක් අරඹන අතර එහිදී උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සහ උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ද මුණ ගැසීමට නියමිතයි.

 

---------------------------------------------------------------------

ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි.

ඉන්දීය විදේශ කටයුතු ඇමති සල්මාන් කුර්ෂිඞ් අද (08) උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. ජනාධිපති මන්දිරයේ දී එම හමුව පැවැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද (08) යාපනයේ සංචාරයක නිරත වීමට ද නියමිතයි. එහිදී ඔහු උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද මුණ ගැසෙනු ඇති.

පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා - පෙරවරු 10:15

----------------------------------------------------------------------

ධීවර ගැටළුව සාධාරණ ලෙස විසදා ගනිමු. - සල්මන් කුර්ෂිඞ්.

ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසදා ගැනීම දෙරටේම ධීවරයින්ට සාධාරණ අයුරින් සිදුකළ යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් පවසනවා. ඒ සඳහා දෙරටේ ධීවර සංගම් අතර හමුවක් සංවිධාන කිරීමට හැකි බව ද ඔහු කියා සිටියා. දෙදින නිළ සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 
එමෙන්ම ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව තවදුරටත් සාකච්ඡා කර සුහද අන්දමින් විසඳා ගැනීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පසුගියදා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. මෙම ගැටළුවට විසඳුම් ලෙස ලක් රජය පියවර රැසක් මේ වනවිටත් ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා - පෙරවරු 7:40

----------------------------------------------------------------------

බලය බෙදිය යුත්තේ ජනතා කැමැත්තෙන්. - සල්මන් කුර්ෂිඩ්.


පෙර පුවත 2013 ඔක්තෝබර් 07 සඳුදා- පස්වරු 07:17

සාම්පූර් තාප විදුලි බලාගාරය සඳහා වන ගිවිසුමට අද (07) පස්වරුවේ අත්සන් තැබුණා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ඉන්දීය ජාතික තාප බල සංස්ථාව අතරයි. මෙගාවොට් 500ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 512ක්. මේ යටතේ අද (07) දිනයේ ගිවිසුම් 5කට අත්සන් තැබුණු අතර, එම අවස්ථාවට විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි, ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 
දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද (07) පෙරවරුවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මුණ ගැසුණා. ඉන් අනතුරුව විදේශ අමාත්‍යාංශයේ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ ව්‍යවස්ථාවට අනුව සහ ජනතාවගේ කැමැත්ත අනුව බලය  බෙදිය යුතු බවයි. උතුරේ පළාත් සභා ඡුන්දයෙන් තේරී පත්වූවන් සහ ශ්‍රී ලංකා මධ්‍යම රජය එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නා. බලය බෙදීම එම දෙපාර්ශවය එක්ව එකඟතාවයකට පැමිණ සිදුකළ යුතු බවයි එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.

 

[JPG]s68836_1[/JPG]

[JPG]s68836_2[/JPG]

[JPG]s68836_3[/JPG]