වීඩියෝ: එකීය රටක් තුළ බලය බෙදීමක් අවශ්‍යයි. - TNA

Monday, 07 October 2013 - 19:20

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%91%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+TNA

සාමදානයෙන් යුතුව රජය සමඟ එක්ව උතුරු පළාත් සභාව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් සී.වී. විග්නේෂ්වරන් කියා සිටියා. අද (07) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී සී.වී. විග්නේෂ්වරන් උතුරු පළාත් මහඇමතිවරයා ලෙස දෙමළ බසින් දිවුරුම් දුන්නා. මෙහිදී ජනාධිපතිවරයා උතුරේ නව ප්‍රධාන අමාත්‍යවරයාට ගණදෙවි ප්‍රතිමාවක් ද තිළිණ කළා. මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය මෙන්ම අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මෙන්ම මැති ඇමතිවරු රැසක් මීට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග ද මෙම අවස්ථාවට එක්ව සිටි අයුරු දැක ගන්නට ලැබුණා.

මෙම දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂවල නායකයන්ට සහ එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණා. නමුත් ඊට සහභාගි වී සිටියේ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, අප්පාතුරෙයි විනයාගමූර්ති සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පමණයි. මෙම අවස්ථාවට තමන්ට ආරාධනා කර නොතිබූ බවයි මෙවර පළාත් සභාවට තරග කර පරාජයට පත්වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

දිවුරුම්දීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ උතුරු පළාත් සභාව රජය සමඟ එක්ව ඉදිරියට කරගෙන යාමේ අපේක්ෂාවෙන් තමන් සිටින බවයි.                                                           

ඒකීය රටක් තුළ බලය බෙදා හැරීම අවශ්‍ය බව එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කියා සිටියා. සංවර්ධනය පමණක් උතුරේ ජනතාවට ප්‍රමාණවත් නොවන බවයි මෙහිදී ඔහු සදහන් කළේ.                            

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් සදහන් කළේ රට ඉදිරියට ගෙන යාම සඳහා එකතු වී වැඩ කිරීමට අවස්ථාව දැන් උදා වී ඇති බවයි. එමෙන්ම රට බෙදන බලවේගවලට එරෙහිව කටයුතු කිරීමට සියලූ දෙනාටම වගකීමක් පවතින බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.                                                                              

මෙම දිවුරුම් දීමේ උත්සවය සඳහා හිටපු රාජතාන්ත්‍රිකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන දයාන් ජයතිලක ද පැමිණ සිටියා. ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ උතුරු පළාත් සභාව නිවැරදි දිශාවට ගෙන යාම සඳහා දෙපාර්ශවයම කටයුතු කළ යුතු බවයි.

එල්.ටී.ටී.ඊ. යේ හිටපු නායකයෙකු වන එලිලන්ගේ බිරිඳ ආනන්දි ශෂිදරන් අද (07) ප්‍රකාශ කර ඇත්තේ තමන් උතුරු පළාත් මන්ත්‍රීවරියක ලෙස මහඇමති විග්නේෂ්වරන් ඉදිරියේ දිවුරුම් දෙන බවයි. මහඇමතිවරයා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනහොත් තමන් මහඇමතිවරයා ඉදිරියේ දිවුරුම් නොදෙන බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.