වීඩියෝ: දිනා ගත් නිදහස රැක ගන්න. - ජනපති.

Monday, 07 October 2013 - 19:49

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.



දිනා ගත් නිදහස රැක ගැනීමට සියලූ දෙනා කැප විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අදට යෙදී තිබෙන ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඇතැම් පාර්ශවයන් රට අපකීර්තියට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.                                                             

වසර 42කට පසු සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කෙරුණු අතර ඒ සදහා වැය වූ මුදල රුපියල් මිලියන 350ක්. මෙහිදී රුපියල් මිලියන 50ක වියදමින් මොරටුව - සොයිසාපුර මහල් නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් අද (07) සිදුකෙරුණා. ලොව හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ ජගත් චමිලට පරිත්‍යාග කෙරුණු නිවස විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතින්.